Save the environment, Save the future

Lead can come to dust through paint….

පර්යේෂණ සොයා ගැනීම් වලට අනුව සාමාන්‍ය එළිමහනේ හා නිවසේ සෙල්ලම් කරන, අවුරුදු එකේ සිට හය දක්වා දරුවන්ට දිනකට දූවිලි මයික්‍රො ග්‍රෑම් 110 ක් පමණ ශරීරගත වෙනවා. ඵසේම පර්යේෂණ වාර්තා වලට අනුව නිවසේ ඇතුලත හා පිටත ඇති ඊයම් සහිත තීන්ත සහ එම නිවසේ/ගොඩනැගිල්ලේ දූවිල්ලේ පවතින ඊයම් ප්‍රමාණය අතර සෘඡු සම්බන්ධතාවයක් පවතිනවා.

දූවිලි වල තිබිය හැකි ඊයම් ප්‍රමාණය සඳහා සම්මතයක්  දැනට පවතින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. එය වර්ග  අඩියට මයික්‍රො ග්‍රෑම් 40 යි. එහෙත් වර්ධනය වන මොළයට බලපෑමක් ඇති කරන රුධිරගත ඊයම් මට්ටම සඳහා පරීසරයේ ඊයම් මට්ටම වර්ග අඩියට මයික්‍රො ග්‍රෑම් 10 වුවත් ප්‍රමාණවත්.

2014 වසරේදී පරිසර යුක්ති කේන්ද්‍රය, තෝරාගත් පෙර පාසල් කිහිපයක සහ කුඩා දරුවන් සහිත නිවාස වල දූවිල්ලේ පවතින ඊයම් ප්‍රමාණය පරීක්ෂා කලා. පර්යේෂණ ප්‍රතිපල වලට අනූව, දූවිලි නියදි (සාම්පල) ලබාගත් ස්ථාන 20න් 11කම ඊයම් ප්‍රමාණය වර්ග අඩියට මයික්‍රො ග්‍රෑම් 10 ඉක්මවා තිබුණා. එයිනුත් ස්ථාන තුනකම දූවිල්ලේ ඊයම් ප්‍රමාණය වර්ග අඩියට මයික්‍රො ග්‍රෑම් 40ත් ඉක්මවා තිබුණු අතර උපරිමය වර්ග අඩියට මයික්‍රො ග්‍රෑම් 600ක් වුනා. එම සාම්පලය ලබාගෙන තිබුනේ බිම විසිරී තිබුණු රතු පැහැ එනමල් තීන්ත පැල්ලමක් ආශ්‍රයෙන්. මෙම පර්යේෂණයට යොදා ගත් හැම තැනකම වගේ දීප්තිමත් වර්ණ වල තීන්ත ගාපු ගෘහ භාණ්ඩ, බිත්ති සිතුවම් දකින්න ලැබුනා. ගැලවුණු තීන්ත පතුරු බිම දකින්න ලැබුණා. විශේෂයෙන්ම මුළු වල සහ ගෘහ භාණ්ඩ පිටුපස දූවිලි ආශ්‍රිතව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *