• රසදිය (Mercury) පිළිබඳ දැනගත යුත්තේ ඇයි?
  • රසදිය අපට හානිකර වන්නේ කෙසේද?
  • රසදිය සිරුරට ඇතුළුවිය හැක්කේ කෙසේද?
  • පර්යේෂණ මඟින් හෙළිකර ගන්නා උපරිම දරාගත හැකි රසදිය මට්ටම්
  • මාළු සමඟ රසදිය නොමිලේ!!!
  • සුදු වෙන්නම ඕනිද?

රසදිය (Mercury) පිළිබඳ දැනගත යුත්තේ ඇයි?

රසදිය යනු බැර ලෝහ ගණයෙහි ලා සැලකෙන රසායනික මූලද්‍රව්‍යයකි. අද වනවිට ලෝකය මෙහි ගුණයන්ට වඩා නුගුණ පිළිබඳ කතා බස් කරති. මීට හේතුව වන්නේ. උපකරණ, කාර්මික ක්‍රියාවලි, දිලීර නාශනය වැනි භාවිත සඳහා මෙතෙක් යොදාගත් රසදිය, මිනිස් ශරීර තුල වාර්තා වීමයි.
මෙය සිදුවීම ආරම්භ වූයේ අද ඊයෙක නොවේ. රසදිය හා බැඳුණු ලොව විශාලතම ඛේදවාචකය ලෙස සැලකෙන්නේ ජපානයේ මිනමාටා බොක්කේ සිදුවූ රසායනික අනතුරයි. මිනමාටා බොක්කේ පිහිටි “චිසෝ” නම් කර්මාන්තශාලවෙන් 1932 සිට 1968 දක්වා අපවහන ජලය හරහා මිනමාටා බොක්කට නිකුත් කරන ලද මෙතිල් මර්කරි නැතහොත් මෙතිල් රසදිය එහි මත්ස්‍යයන් හරහා මිනිසුන්ට සහ සතුන්ට ශරීරගතවීමෙන් හටගත් ස්නායු රෝගී තත්වය නම් කරන ලද්දේ ද “මිනමාටා රෝගය” නමිනි. මේ රෝගී තත්වයට ගොදුරු වූයේ එකල සිටි ජනතාව පමණක් නොවේ. අදටත් මේ රෝගයට ගොදුරු වූවන් ජපානයේ ජීවත් වේ. ඔවුන්ට ගෞරවයක් වශයෙන් 2013 ඔක්තෝබර් 10 වන දින අත්සන් කරන ලද එක්සත් ජාතීන්ගේ රසදිය පිළිබඳ සම්මුතිය, මිනමාටා සම්මුතිය ලෙස නම් කරන ලදී.

රසදිය වල පරමාණුක ක්‍රමාංකය 80 වන අතර රසායනික සංකේතය වන්නේ Hg ය. මෙය, සම්මත උෂ්ණත්වයේදී හා පීඩනයේදී ද්‍රව අවස්ථාවේ පවතින එකම ලෝහයයි. මේ ගුණාංගය හේතුවෙන් රසදිය බොහෝ උපකරණ තුල භාවිතා වේ. පහත රූපයේ දක්වෙන්නේ ඉන් සමහරකි. 

රසදිය අපට හානිකර වන්නේ කෙසේද?

රසදිය යනු සිරුරට කිසිසේත්ම අවශ්‍ය වන මූලද්‍රව්‍යයක් නොවේ. එහි විෂ සහිත බව, නිරාවරණය වන රසදිය සංයෝගය මත රඳා පවතී. ඒ අනූව වඩාත් විෂ සහිත ආකාරය වන්නේ “කාබනික/ මෙතිල් මර්කරි” සංයෝගයන් ය. නමුත් කුමන ආකාරයෙන් වුවද පවතින රසදිය, සම මඟින් උරාගනු ලබන අතර එහි ඇති මේද ආකර්ෂක ගුණය නිසාම මේවා දේහයේ තැම්පත් වේ. රුධිරයෙහි රසදිය එක්රැස් වීමෙන් ආසාත්මිකතා, සමෙහි වේදනා හෝ ස්නායු පද්ධතිය කෙරෙහි අහිතකර බලපෑම් ඇතිවීම මෙන්ම රසදිය කෙරෙහි අධික ලෙස නිරාවරනය වීම තුලින්  ගැස්ම, දුර්වලතා, මතක ශක්තිය අඩුවීම, චර්ම රෝග, වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩපණ වීම වැනි සායනික රෝග ලක්ෂණයන් ඇති කරයි.

රසදිය සිරුරට ඇතුළුවිය හැක්කේ කෙසේද?

  • බහුල වශයෙන් රසදියට නිරාවරණය වීම සිදු වන්නේ ආහාර මගිනි. විශේෂයෙන්ම රසදිය ශරීර ගත වූ මත්ස්‍යයන් අනුභවය මීට හේතු වේ.
  • දත් පිරවුම් (ඇමල්ගම්)
  • රසදියෙන් අපවිත්‍රනය වූ ජලය හා වාතය
  • රසදිය අඩංගු, සුදු වීම සදහා ආලේප කරන ක්‍රීම් වර්ග, සබන් ඇතුළු රූපලාවන්‍ය ආලේපන
  • බිදුනු සී.එෆ්.එල්./ ප්‍රතිදීප්ත විදුලි බුබුලු, කණ්නාඩි,
  • කාර්මික සහ කුඩා පරිමාණ රන් පතල් කර්මාන්තය,
  • රසදිය සම්බන්ධ රසායනාගාර රැකියා
    රසදිය සඳහා නිරාවරණය වීමේ අවදානම ඉහල නංවයි.

පර්යේෂණ මඟින් හෙළිකර ගන්නා උපරිම දරාගත හැකි රසදිය මට්ටම්

සාම්පල වර්ගය නිර්දේශිත මට්ටම
මිනිස් හිසකෙස්  කිලෝග‍්‍රෑමයට මිලිග්‍රෑම් 1.0 (1.0 ppm)
රුධිරය  මිලි ලීටරයට මයික්‍රො ග්‍රෑම් 5ත් 10ත් අතර (5 to 10 µg/L)
මූත්‍රා   ක්‍රියැටිනීන් ග්‍රෑමයට මයික්‍රොග්‍රෑම්ම 50 (50 µg/g creatinine)
ජලය මුළු රසදිය ප්‍රමාණය, ලීටරයට මයික්‍රො ග්‍රෑම් 1.0 (1 µg/ L)
වාතය රසදිය මූලද්‍රව‍යයේ වාෂ්ප සඳහා දිගුකාලීන නිරාවරණ මට්ටම, ඝන මීටරයට මයික්‍රො ග්‍රෑම් 0.2 (0.2 µg/m3 )
මිනිසා සතියකට, දරාගත හැකි මෙතිල් මර්කරි මට්ටම දේහ බර කිලෝග‍්‍රෑමයට මයික්‍රො ග‍්‍රෑම් 1.6 (1.6 µg/kg body weight per week for methylmercury).
මිනිසා දිනකට, දරාගත හැකි මුළු රසදිය ප්‍රමාණය දේහ බර කිලෝග‍්‍රෑමයට මයික්‍රො ග‍්‍රෑම් 2.0 (total mercury of 2 µg/kg body weight per day).

මාළු සමඟ රසදිය නොමිලේ!!!

ආහාර හරහා රසදිය ශරීරගතවීමේ වැඩිම අවධානය පවතින්නේ රසදිය වලින් දූෂිත ජලාශ වල මත්ස්‍යයන් ආහාරයට ගැනීම හරහා ය. මේ නිසා ලොව පුරා මත්ස්‍ය අනුභවය පිළිබඳ දැනුවත් කිරීම් සිදු කරමින් සිටී. ඒ අනූව වඩාත් ආරක්ෂිත වන්නේ ආහාර දාමයේ පහළින් සිටින කුඩා මසුන් බහුලව ආහාරයට එක් කර ගැනීමයි. නමුත්, මත්ස්‍යයන් හරහා අපට අත්‍යවශ්‍ය ඔමෙගා 3 නම් මේද අම්ලය ලැබෙන බැවින් රසදිය අවම වන මාළු ආහාරයට ගැනීම මිස මාළු ආහාරය අත හැරීම නොකල යුතුය.

මෙහි ඉහළින් දක්වා ඇති මසුන් තුල තිබිය හැකි රසදිය ප්‍රමාණය අවම වන’තර පහළට යනවිට තිබිය හැකි රසදිය ප්‍රමාණය වැඩි වේ.  http://www.alzheimer-riese.it/index.php/contributi-dal-mondo/ricerche/5314-il-dilemma-del-mercurio-nel-pesce-benefico-o-dannoso-fino-a-provocare-l-alzheimer

සුදු වෙන්නම ඕනිද?

සුදු වීමට භාවිතා කරන ආලේපන සහ රසදිය යනු අද වන විට ලෝකයේ ප්‍රසිද්ධ මාතෘකාවකි. “සුදු වීම” හෙවත් “සම පැහැපත් කිරීම” යනු, සමෙහි මෙලනින් ස්ථරයේ සාන්ද්‍රණය අඩු කිරීම මගින් සමේ පැහැය (tone) හෝ සමේ වර්ණය අඩු කිරීම සදහා ස්වභාවික හෝ කෘතිම රසායනික ද්‍රව්‍යයන් භාවිතා කිරීමයි. සුදු වීම සඳහා භාවිතා කරන ආලේපන වල රසදිය ඇති බව සනාථ කෙරුණු පර්යේෂණ ලොවපුරා එමට ඇත. මේ පිළිබඳව, ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක පර්යේෂණයක් සිදු කරන ලද්දේ පරිසර යුක්ති කේන්ද්‍රය මඟිනි. මෙයින් සඳහන් කරන පරිදි පරීක්ෂාවට ලක් කරන ලද ආලේපන සාම්පල 46 කින් 25ක් තුල රසදිය අන්තර්ගතව තිබූ අතර ලීටරයට මිලිග‍්‍රෑම් 30 167ක් වැනි ඉතා භයානක ඉහල මට්ටමකින් ද රසදිය අන්තර්ගතව තිබිණි.

ආලේපනයන් තුල අඩංගු වන විෂ බැර ලෝහ අතර රසදිය මුල්තැනක් ගනී. සම පැහැපත් කිරීමේ ක‍්‍රීම්, සබන් වර්ග සහ ආලේපන සඳහා සුදු කිරීමේ ප‍්‍රතිකාරකයක් ලෙස රසදිය භාවිතා කරනු ලැබේ. මෙම ආලේපනයන්හි ඇති රසදිය මෙලනින් ඇතිවීමේ නිෂේධ කාරකයක් ලෙස ක‍්‍රියාකරයි. මෙම නිෂ්පාදන, දේශ සීමා හෝ ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව තද වර්ණයෙන් යුතු සමක් සහිත ජනතාව අතර ප‍්‍රචලිතය. ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පාලන මණ්ඩලයට (FDA) අනූව, රුව අලංකරණයට යොදා ගන්නා ද්‍රව්‍යයක් ලෙස ඇස් වටා ගල්වන ආලේපනයන් සදහා රසදිය අඩංගු විය හැක්කේ ලීටරයට මිලිග‍්‍රෑම් 65 (0.0065%) ක් හෝ එහි ලෝහය එනම් ෆීනයිල් මර්කියුරික් ඇසිටේට් හෝ නයිටේ‍්‍රට් ලෙස ලීටරයට මිලිග‍්‍රෑම් 100 (0.01%) (වෙනත් හානිකර තත්වයක් නොමැතිනම්) පමණි. අනෙක් සියලූම ආලේපන සදහා රසදිය අඩංගු විය හැක්කේ උපරිමය ලීටරයට මිලිග‍්‍රෑම් 1ක් (0.0001%) පමණි. මෙය යහපත් නිෂ්පාදන ක‍්‍රියාවලියක් යටතේ නොවැලැක්විය හැකි ලෙස තිබිය හැකි උපරිම රසදිය ප‍්‍රමාණයයි.

සම සුදු කරවන ආලේපනයන්ගේ දිර්ඝ කාලීන භාවිතයේ ප‍්‍රතිඵල ලෙස ඇඟිලි පුරුක්, කන් හා තට්ටම් වල වර්ණක අධික වීම, මුහුනේ සම තුනී වීම සහ ඇස්වටා ප‍්‍රදේශය තද පැහැ ගැන්වීම (bleach panda effect) සිදුවිය හැක.

සම පැහැපත් කිරීම සදහා ඇතැම් ක‍්‍රීම් වර්ග වල යොදාගනු ලබන්නේ විටමින් වැනි පෝෂකයි. නමුත් ඇතැම් ආලේපන වල යොදා ගන්නා ටෙ‍්‍රටිනොයින්, හයිඩ්‍රොක්විනොන්, කොජික් අම්ලය වැනි රසායනික විවිධ අයුරින් හානිකර වේ. ටෙ‍්‍රටිනොයින් භාවිතා කිරීම නිසා පාරජම්බූල කිරණ සඳහා සම වඩා සංවේදී වේ. හයිඩ්‍රොක්විනොන් වල ඇති පිළිකාකාරක අවදානම හේතුවෙන් ඇතැම් රටවල තහනම් කරන ලද සංයෝගයකි. මීයන් සහ වෙනත් සතුන් යොදාගනිමින් කරන ලද පර්යේෂණයකදී මෙය ලියුකේමියාවට හේතුවන බව ද සම මත මෙම සංයෝගය ක‍්‍රියාකරන ආකාරය නිසා එය සමෙහි කැසීම් වැනි පීඩාකාරී තත්ව ඇති කරන උද්දීපකයක් වන බවද සොයාගෙන ඇත. කොජික් අම්ලය ද චර්ම දාහය සහ වෙනත් ආසාත්මිකතා වලට හේතු වන බව සොයාගෙන ඇත.

මෙම රසායනික නොමැතිව වුවද සම පැහැපත් කිරීම සඳහා යහපත් ලෙස සැලකෙන ආදේශක පවතී. විවිධ පර්යේෂණයන්ට අනූව ආබියුටින්, විටමින් සී, විටමින් ඊ, එල්-සිස්ටීන් සහ නියාසිනම්යිඞ් මෙවැනි සංයෝග අතර වේ.

Sources of information and photographs:

  1. https://en.wikipedia.org/wiki/Minamata_disease
  2. https://en.wikipedia.org/wiki/Minamata_Convention_on_Mercury
  3. http://deq.utah.gov/Divisions/dwq/health-advisory/mercury/disposal/lamps.htm 
  4. http://www.hazwastehelp.org/mercury/mercury-lamps.aspx
  5. http://www.avondale.org/index.aspx?NID=2606
  6. http://www.nbcnews.com/id/22546056/ns/health/t/suffering-beauty-has-ancient-roots/#.WHuZXVUrLIU
  7. http://ehs.columbia.edu/RecycleMercury.html
  8. https://www.epa.gov/mercury
  9. http://www.who.int/foodsafety/publications/chem/mercuryexposure.pdf
  10. http://ejustice.lk/our-programme/2014-programme/January%2021,%202013-CEJ%20found%20high%20Mercury%20levels%20in%20Skin%20Whitening%20creams/CEJ-MERCURY%20Research%20paper%20Jan%202013.pdf 
  11. https://www.google.it/search?q=skin+whitening+contains+merury&oq=skin+whitening+contains+merury&aqs=chrome..69i57.8259j0j7&sourceid=chrome&ie=UTF-8#newwindow=1&q=skin+whitening+contains+mercury 

By admin

I am Chalani H.T. Rubesinghe (Bsc. Nat.sc., MSc Env. Sc.), graduated from the Open University of Sri Lanka in 2009 in the stream of Natural sciences with a First class. I completed my Masters in Environmental science at the Postgraduate Institute of Science at Peradeniya, Sri Lanka with a GPA of 3.58. As a child I had a keen interest on oceans and ships. I used to collect details and pictures of ships and spent hours in the library to collect information on oceans. Back then I wanted to become an Oceanographer. I have a huge collection of ocean specimens that in future someday when I'm rich enough, I expect to turn into a museum. When I was doing my masters, Oceanography was unavailable. Instead I had to do Environmental science which eventually became my carrier and also a part of my life. My carrier started as an Environmental Officer from Center for Environmental Justice (CEJ), Sri Lanka. This was the mother who gave me birth, nurtured and raised me up as an Environmental scientist. For this, I gratefully acknowledge Mr. Hematha WIthanage, Executive director, Mr. Dilena Pathragoda, Director- Projects and the whole CEJ team. During my carrier I was engaged in; Studies on enhancing public awareness on chemical management under the grants of UNDP/ GEF/ SGP, Climate change on agriculture and their remedial actions implemented in Sri Lanka, Global study on fish and community mercury contamination carried in association with IPEN and ARNIKA organization, Survey on public perceptions on Wide spreading CKDue in Sri Lanka with Korea Green Association, Contamination of mercury and lead in cosmetics and Asian lead paint elimination project in association with IPEN and EU. In addition I worked as the regional facilitator for Friends of the Earth Asia Pacific for two months. I have also facilitated the Non Carbon Benefits study carried out by CEJ and Sri Lanka Climate and Forest Action Network (SLCFAN). I also got the opportunity to participate in survey and awareness raising sessions of Forest Management Plan Survey Conducted at Nilgala and Bogahapallassa conduct by CEJ incorporation with SHALIN, Finland. Which gave me the opportunity to understand the conflict between forest conservation and marginal residents. All these work included generating reading materials, partial contribution in budgeting, writing updates for granters, organizing meetings/ symposiums for national and international audiences, discussions and field work such as public awareness, surveys and sampling. I was also given the opportunity of participating in international events such as; GAELP (Global Association For Eliminating Lead Paint) held in Thailand, June 2012, as the NGO representative from Sri Lanka to share the experiences on eliminating lead paint in Sri Lanka, IPEN International Toxic Metals Skillshare in Minamata, Japan (3rd-4th of October, 2013) and Minamata International Symposium (5 & 6 October, 2013) to share the experience on CEJ research on mercury and to share the experiences of Minamata victims, and South East Asia Regional Conference on Lead Poisoning (24th and 25th October 2013) held in New Delhi, organized by the Toxics Link, in partnership with Centre for Occupational and Environmental Health, Maulana Azad Medical College, Delhi and the Lata Medical Research Foundation. Later in 2014, I had to shift to Italy in order to fulfill my duty as a wife. Yet, nothing learned ever goes in vain. Since, it is impossible to get a carrier as an environmental scientist here in Italy, I use my spare time to generate something useful and helpful through my website. My younger brother Channaka Oshan Rubesinghe handles all the technical details of this site for me. I must mention that, my husband, ammi, dada, elder brother, younger brother and my both sister-in-laws have always been the encouragement, guidance and strength behind my work.

13 thoughts on “ඇතුවත් බැරි නැතුවත් බැරි “රසදිය” (Mercury- Hg)”
    1. Eh bien, si vous demandez concernant l’efficacité d’autres produits chimiques en ralation au mercure dans les crèmes de blanchiment, je dirais seulement que c’est sain et plus sûr. Si votre question est une autre, s’il vous plaît écrivez-moi.

  1. Hi, Neat post. There is a problem along with your site in web explorer, might check this IE nonetheless is the market leader and a large part of other folks will leave out your magnificent writing due to this problem.

  2. I haven’t checked in here for a while because I thought it was getting boring, but the last few posts are great quality so I guess I’ll add you back to my everyday bloglist. You deserve it my friend 🙂

  3. Hello! This post couldn’t be written any better! Reading through this post reminds me of my previous room mate! He always kept talking about this. I will forward this post to him. Fairly certain he will have a good read. Many thanks for sharing!

  4. Asking questions are truly good thing if you are not understanding anything totally, however this article provides good understanding yet.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *